ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

    September, 4, 2023

    ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.

    මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පවසා සිටියේය.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ යන අතර කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 58 කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

    නව මිල ගණන් වනුයේ,

    12.5 kg - රු. 3,127
    5kg - රු. 1,256
    2.3kg - රු. 587