September, 5, 2023
ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කරනු ලැබ ඇති නමුත්, එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර, ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කරනු ලැබ ඇත.
එම යෝජනා සැලකිල්ලට ගෙන 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story