විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ආනයනය කර රාජ්‍ය අනුග්‍රහය යටතේ තීරු බදු රහිතව නිෂ්කාශනය කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද පසුව එකී වාහන නැවත ප්‍රතිඅපනයනය කරන අවස්ථාවන්හි දී ලියාපදිංචි අවලංගු කරන ලද වාහන 06 ක් සඳහා සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි සහතික නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර ඇති බව විගණකාධිපති වාර්තාවක් පෙන්වා දේ.
අදාළ වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් ව ඇත.
- ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතියට අනුව ඉහත සඳහන් පරිදි වංචනිකව ලියාපදිංචි කර ඇති වාහනවලට අදාළව වලංගු රේගු සටහන්කරයක් නිකුත් වී නොතිබීම හේතුවෙන් එකී සුඛෝපභෝගී වාහන නීත්‍යානුකූල නොවන ලෙස ආනයනය කර ඇති බව රේගු පනත ප්‍රකාරය ගෙවිය යුතු ආනයන තීරු බදු කිසිවක් ගෙවා නොමැති බව නිරීක්ෂණය විය.
- ඉහත සඳහන් පරිදි ලියාපදිංචි සහතික නිකුත් කර ඇති වාහනවල චැසි අංකයට ආසන්න වෙනත් චැසි අංක සහිත වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අදාළ තොරතුරු පරීක්ෂාවේ දී එකී වාහනවල නිෂ්පාදන වර්ෂය හා ලියාපදිංචි වී ඇති දිනයන් සැලකිල්ලට ගත් කල මෙම වාහන සම්බන්ධයෙන් ව්‍යාජ දත්ත ඇතුලත් බව නිරීක්ෂණය විය.
- මෙම වංචනික ලියාපදිංචිය සිදුවූ දිනයන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු (DMT) දත්ත පද්ධතිය මගින් තහවුරු කරගත නොහැකිවීම හේතුවෙන් මෙම දත්ත ඉලෙක්ට්‍රොනික් ආදායම් බලපත්‍ර (ERL) දත්ත පද්ධතිය වෙත සම්ප්‍රේෂණය වූ දිනයන් පරීක්ෂා කළ අතර දත්ත සම්ප්‍රේෂණය වූ දිනය හා DMT දත්ත පද්ධතිය යාවත්කාලීන වූ දිනයන් සැලකිල්ලට ගත් විට DMT පරිශීලකයින් වංචනිකව දත්ත පද්ධතිය වෙනස් කිරීමට දායක වී ඇති බව නිරීක්ෂණය විය.
- මෙලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන, වංචනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් දළ වශයෙන් සුඛෝපභෝගී බදු හා අනෙකුත් අයකිරීම් හැර ශ්‍රී ලංකා රේගුව විසින් අයකර ගත යුතුව තිබූ රු. 122,282,900ක බදු ආදායමක් වංචනිකව අවභාවිතා කර ඇති බව නිරීක්ෂණය විය.