March, 11, 2014
අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 13.04 කින් පහළ ගොස් ඒකක 5,944.57 ක් වෙද්දී එස් ඇන්ඩ් පී ශ්රී ලංකා දර්ශකය ඒකක 12.17 කින් පහළ ගොස් ඒකක 3,240.12 බවට පත්වුණි.
මෙහිදී, සී.ටී. හෝල්ඩින්ග්ස් සමාගමේ කොටසක මිල රුපියල් 03 කින් පහළ ගොස් කොටසක මිල රුපියල් 139 ක්වූ අතර ඩී.එෆ්.සී.සී. බැංකුවේ කොටසක් රුපියල් 2.10 කින් පහළ ගොස් කොටසක මිල රුපියල් 142 ක් විය.
මීට අමතරව, ජෝන් කීල්ස් කොටසක මිල රුපියල් 02 කින් පහළ ගොස් රුපියල් 225 ක් බවට පත්වුණි.
අද දිනයේදී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල රුපියල් 21.00 කින් ඉහළ ගොස් කොටසක මිල රුපියල් 1141.00 ක්වූ අතර නෙස්ලේ සමාගමේ කොටසක මිල රුපියල් 40 කින් ඉහළ ගොස් රුපියල් 2040 ක් බවට පත්වුණි.
අද වෙළඳ පොළේ ක්රොසින්ග්ස් ගනුදෙනු 03 ක් වාර්තා විය. මේ අනුව, යුනයිටඩ් මෝටර්ස් සමාගම එකක් රුපියල් 138 බැගින් කොටස් මිලියන 3.4 ක්ද, කොමර්ෂල් බැංකුව එකක් රුපියල් 115 බැගින් කොටස් මිලියන 0.7 ක්ද, ඔරියන්ට් ගාමන්ට් සමාගම එකක් රුපියල් 8.50 ක් බැගින් කොටස් මිලියන 2.5 ක්ද අලෙවි කළේය.
දිනයේ වෙළඳ පොළ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වූයේ යුනයිටඩ් මෝටර්ස් සමාගම වන අතර එම ප්රමාණය රුපියල් මිලියන 469 කි.
අද වෙළඳ පොළේ ශුද්ධ විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 69 ක්වූ අතර වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 21 ක් සඳහා විදේශීය ආයෝජකයින් සහභාගී විය.
දිනයේ පිරිවැටුම වාර්තා වූයේ රුපියල් මිලියන 804.5 ක් ලෙසිනි.
Video Story