September, 7, 2023
ලෝක ජනගහනයෙන් 41% ක් ජීවත් වන්නේත්, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 24% ක් සේම ලෝක වෙළද කටයුතුවලින් 16%ක් ක්රියාත්මක වන්නේ BRICS රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්රී ලංකා මහ බැංකුව, ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයිරටවල් තුල බව ශ්රී ලංකා මහ බැංකු නිලධාරීන් ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසීය. එමෙන්ම 2022 වසරේ මෙරට අපනයන වලින් 10.3% ක් සහ ආනයනයන්ගෙන් 47.3% ම සිදු කර ඇත්තේ බ්රික්ස් රටවල් වලින් බවත් මේ හේතූන් අනුව BRICS රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්රී ලංකා මහ බැංකුව, ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි රටවල් සමග කටයුතු කිරීම ආර්ථිකමය ලෙස වැදගත් වන බව මහ බැංකු නිලධාරීන් තව දුරටත් සඳහන් කළහ.
මේ පිළිබඳ කරුණු ඉදිරිපත්වුයේ BRICS රටවල් සමග කටයුතු කිරීම ලංකාවට ආර්ථිකමය ලෙස වැදගත් - ශ්රී ලංකා මහ බැංකුව, ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පවසයි. (බ්රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්රිකාව) රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ මෙරටට ලබාගත හැකි සමාජ ,ආර්ථික ,දේශපාලන ප්රතිලාභ මොනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් 2023.09.05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ඒ අනුව බ්රික්ස් රටවල් සමග කටයුතු කිරීම ඔස්සේ සමාජ,ආර්ථික ,දේශපාලනමය වශයෙන් ලබාගත හැකි ප්රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීමට විදේශ කටයුතු අමාත්යාංශයේ මුලිකත්වයෙන්, ශ්රී ලංකා මහ බැංකුව හා මුදල් අමාත්යාංශය සමග විශේෂ සාකච්ජාවක් පවත්වා එහි වාර්ථාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළේය.
එමෙන්ම විදේශ තානාපති කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු වෙනුවෙන් විදේශයන්හි ඉගෙනුම ලබන මෙරට සිසුන් ඇතුළු විදේශ සිසුන් , ස්වේච්ඡා සේවකයින් ලෙස බඳවා ගැනීම පිළිබඳ අවධානය යොමු කරන ලෙසද සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා කාරක සභාවේ සමාජිකයන් වන (මහාචාර්ය) ජී. එල්. පීරිස්, අකිල එල්ලාවල, නීතිඥ මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, විදේශ කටයුතු අමාත්යාංශ නිලධාරීන් සහ ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වු අතර පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේ සභාපතිගේ අවසරය මත සහභාගී විය.
Video Story