ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ඩොක්යාර්ඩ් අර්බුදයක

    March, 4, 2016

    ඛනිජ තෙල් මිල පහත වැටීම හමුවේ ඇති වී තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය, තමන්ට ද බලපා ඇතැයි කළම්බු ඩොක්යාර්ඩ් සමාගම ප්‍රකාශ කර සිටී.

    එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සමාගම් ලේකම්වරිය කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කර ඇති දැනුම් දීමකින් සඳහන් කර සිටින්නේ ගනුදෙනුකරුවන් විසින් පූර්ව ගිවිසා ගත් පරිදි ඇතැම් ඇණවුම් සම්පූර්ණ කිරීමට හැකියාවක් නැති බව කියා සිටින බවයි.

    මෙම තත්ත්වය තුළ 2015 අවසාන කාර්තුව සඳහා වන විගණනය නොකළ මූල්‍ය වාර්තා මහජනයා වෙනුවෙන් නිකුත් කිරීමට සමාගමට හැකියාවක් නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ඉදිරියේ දී වෘත්තීයමය උපදෙස් අනුව සිය ගනුදෙනුකරුවන් සමඟ සාකච්ඡා කොට මේ සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළඹෙන බව මෙහිදී සමාගම කියා සිටී.

    නාවුක යාත්‍රා නිෂ්පාදනය හා බෙදාහැරීම කළම්බු ඩොක්යාර්ඩ් හි ප්‍රධානතම ව්‍යාපාරික කාර්යයි.

    සමාගම විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.