සිංගප්පූරුවේ විටෝල් සමාගමෙන් පෙට්‍රල් නැව් 4ක් ගැනීමට කැබිනට් අනුමැතිය

    September, 12, 2023

    2023-09-21 දින සිට 2024-01-21 දින දක්වා මාස 04ක කාල සීමාවක් සඳහා ඔක්ටේන් 92 Unl වර්ගයේ පෙට්‍රල් නැව් තොග 04ක් මිල දී ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැඳවා ඇත.

    ඒ සඳහා සමාගම් 04ක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය පරිදි අදාළ ප්‍රසම්පාදනය සිංගප්පූරුවෙහි විටෝල් ඒෂියා සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.