රජයේ ව්‍යාපාර කොටස් වෙළෙඳපොළට ගෙනඒමට අලුත් නීති

    September, 13, 2023

    රජය සතු ව්‍යවසායයන් හට ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙනම ලැයිස්තුගත කිරීමේ පුවරුවක් සහ ලැයිස්තුගත කිරීමේ නීති රීති සම්පාදනයට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අනුමැතිය ලබා දී තිබේ.

    රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වැඩපිළවෙල කඩිනම් කිරීම, ඒවායේ සමස්ත යහපාලනය, කාර්යක්ෂමතාවය, ලාභදායීත්වය වැඩිදියුණු කිරීම සහ ආර්ථිකයට වැඩි වටිනාමකම් එක් කිරීම සඳහා ඒවා සවිබල ගැන්වීමේ රජයේ ප්‍රතිපත්තියට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පියරව ගෙන ඇත.

    මෙම නීති රීති සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත සපයනු ලබන මඟපෙන්වීම යටතේ සකස් කරන ලද අතර, රජයේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ උපදේශනයන් සහ යෙදවුම් ඊට ඇතුළත් වේ.