ඩීසල් නැව් 4ක් Petrochina International වෙතින්

    September, 26, 2023

    2023-11-01 දින සිට 2024-02-29 දින දක්වා වන ඉදිරි මාස (04) කාලය තුළ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 04ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත් වී තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශය මත පදනම්ව M/s Petrochina International (Singapore) Pte.Ltd වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.