ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක්

    September, 26, 2023

    2022 වර්ෂයේ අතුරු අයවැය මඟින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබ ඇති අතර ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍යභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛතාගත ක්ෂේත්‍රයන් ලෙස හඳුනාගනු ලැබ ඇත.

    යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් තාක්ෂණික සහාය ලබා දී ඇත.

    අදාළ පාර්ෂවකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම, ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වන විට සැලසුම් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය ණය කළමණාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.