March, 9, 2016
තමන් මේ අවස්ථාවේ දී කිසිදු බැංකු සමාගමක් සමඟ ඒකාබද්ධ වීමට අදහසක් නැති බව සෙලාන් බැංකුව නිවේදනය කර සිටී. සෙලාන් බැංකුවේ සමාගම් ලේකම්වරිය වන එන්.එන්. නජුමුඩීන් මහත්මියගේ අත්සනින් යුතුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
සෙලාන් බැංකුව හා ජාතික සංවර්ධන බැංකුව (NDB) බැංකුව අතර ඒකාබද්ධ වීමක් පිළිබඳව සාකච්ඡා සිදුවන බවට පසුගිය සතියේ ඇතැම් මාධ්‍ය වර්තා පළ වී තිබූ ආකාරයට එවැනි සාකච්ඡාවක් සිදුකර නොමැති බව මෙමඟින් දැනුම් දී තිබේ.
පසුගිය වසර 5 පුරාවට අඛණ්ඩව ඉතා හොඳ කාර්යසාධනයක් පෙන්වා දී ඇති බවත් 2015 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් බිලියන 3.83 ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති බවත් සමාගම් ලේකම්වරිය මෙහිදී දන්වා තිබේ. බැංකුව මේ වන විට තිරසාර වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් මේ පසුබිම තුළ ජාතික සංවර්ධන බැංකුව හෝ වෙනත් ආයතනයක් සමඟ ඒකාබද්ධ වීමක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක නිරත වී නොමැති බවත් මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
Video Story