March, 9, 2016
අතිගරු ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ දී චීන ජනාධිපති සී ජින් පින් මැතිතුමා සමඟ ඇතිකර ගත් ද්විපාර්ශවීය එකගතාව මත යෞවන හුවමාරු ප්‍රවර්ධන වැඩසටහන යටතේ, චීන රජයේ ආරාධනයකට අනුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා චීනයේ නිල සංචාරය සඳහා පිටත්ව ගියේය.
ඊයේ රාත්‍රියේ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දුත පිරිස පිටත්ව ගිය අතර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා චීන - ශ්‍රී ලංකා සම්බන්ධතා ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයක නිරත වීමට නියමිතය. මෙහිදී ශ්‍රී ලංකාවේ චීන ආයෝජන පිලිබඳ වැඩි අවධානයක් යොමු කෙරේ.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතනය, යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන්, යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකයින් ජාතික තරුණ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්, යෞවන තිළින අධිකාරියේ පදක්කම් ලාභීන් සහ තරුණ වෘත්තීය වේදීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක විය.
චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මීට පෙරද චීන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයක නිරත විය.
Video Story