සිංගප්පූරුවෙන් එන භාණ්ඩ රැසක බදු පහළට

    October, 3, 2023

    සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ රේගු ආඥාපනත යටතේ, 2023 ජූනි 30 වන දින අංක 2338/54 අති විශේෂ ගැසට් පත්රය සාකච්ජාවට ගත් අවස්ථාවේදීය.
    ඒ යටතේ 15%ව පැවති බදු ගාස්තු 5% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබුණි. ඒ සඳහා අනුමැතිය ලබා දෙමින් කමිටුව නිලධාරීන්ගෙන් ප්රශ්න කළේ මෙම වෙළඳ ගිවිසුම මගින් මෙරටට ලැබෙන ප්රතිලාභ මොනවාද යන්නයි. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දුන් නිලධාරීයා ඒ පිළිබඳව ශක්යතා අධ්යනයක් සිදුකිරීමට නොහැකි වු බව පැවසුවේය. ඒ පිළිබඳව කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය අප්රසාදය පළකරමින්, සිංගප්පුරු වෙළඳ ගිවිසුම හා කටයුතු සිදුකරන ප්රධාන නිලධාරියාට මෙම ගිවිසුම පිළිබඳව තාර්කාණු කූලව කරුණු ඉදිරිපත් කරමින් සති 6ක් තුල වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙස නියෝග කළේය.