March, 9, 2016
අද (09) දිනයේ දී රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. මෙහිදී දින 91 - මිලියන 5,000 ක්, දින 182 - මිලියන 7,000 ක් සහ දින 364 - මිලියන 8,000 ක් ලෙසින් වන පරිදි කල් පිරීමේ කාලයන්ට යටත්ව මෙම නිකුතුව සිදුකරනු ඇත.
මේ අතර රුපියල් මිලියන 6,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් හෙට (10) දිනයේ දී ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටී. මෙහිදී 2019, 2021 සහ 2024 යන වසරවල දී කල්පිරෙන බැඳුම්කර රුපියල් මිලියන 2,000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ප්‍රාථමික අලෙවිකරණ ආයතනයක නියෝජිතයෙකු (Primary dealer) කියා සිටියේ පවතින වෙළෙඳපොළ තත්ත්වය ඉතා තීරණාත්මක බවත් මෙහිදී පොළී අනුපාතික තවදුරටත් ඉහළ යා හැකි බවත්ය.
Video Story