ඔක්තෝබර් මුල් දින 08 තුළ සංචාරකයින් 26,000ක් දිවයිනට

    October, 11, 2023

    2023 ඔක්තෝබර් 08 වන දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,042,528 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාවක සඳහන් කර සිටී.

    එම වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් මාසයේ මුල් දින අට තුළ දී විදෙස් සංචාරකයින් 26,272 ක් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

    ඔක්තෝබර් මුල් දින අට තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් 24%ක්ම ඉන්දියානු සංචාරකයින් වන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 6,293 ක් වේ.

    මීට අමතරව රුසියාවෙන් 2,352 ක්, එක්සත් රාජධානියෙන් 1,904 ක්, චීනයෙන් 1,900 ක්, ජර්මනියෙන් 1,679 ක් සහ ඕස්ට්‍රේලියාවෙන් 1,307 ක් ලෙස එම වකවානුව තුළ දී සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණි අනෙකුත් රටවල් වේ.