හය කෝටියේ ගොවිසෙත ජයග්‍රාහකයෝ

    October, 10, 2023

    ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ලොතරැයිපත් නිකුත් කිරීම හා සුපිරි ත්‍යාග ලාභීන්ට චෙක්පත් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

    ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) සිදු කෙරිණි.

    ගොවිසෙත 3471 සහ 3477 වන දිනුම් වාරයන්වල සුපිරි ත්‍යාග ලාභීන් වන අතුරුගිරියේ එම්. ඒ. රසාංජි පෙරේරා මහත්මිය (රුපියල් 61,271,108.00) සහ මතුගම කේ. චමින්ද ජයවික්‍රම මහතා (රුපියල් 60,503,772.80) ජයග්‍රාහයකින් වෙත චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කරන ලදී.

    ජාතික ලොතරැයි මණ්ඩල‍යේ සභාපති වෛද්‍ය චමීර. සී. යාපා අබේවර්ධන, අධ්‍යක්ෂ ආචාර්ය කිත්සිරි මංචනායක යන මහත්වරු ද සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර මෙනවිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.