DFCC, සිංගර් ශ්‍රී ලංකා ණයකරවලට ඉල්ලුම අධිකයි

    March, 10, 2016

    DFCC බැංකුව විසින් විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. මූලික වශයෙන් රු. 100 බැගින් වූ ණයකර මිලියන 50 ක් DFCC බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අතර අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබිණි.

    මේ අනුව මිලියන 70 කින් සමන්විත වූ සම්පූර්ණ ණයකර නිකුතුව මේ වන විට සම්පූර්ණ වී ඇතැයි බැංකුව පුකාශ කර සිටී. මේ අනුව මෙම නිකුතුව හරහා DFCC බැංකුව විසින් සම්පාදනය කරගෙන ඇති මුදල රුපියල් බිලියන 7 කි.

    මේ අතර සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී විසින් ද ණයකර නිකුතුවක් විවෘත කරන ලදී. මූලිකව ණයකර මිලියන 10 ක් මෙහිදී නිකුත් කරනු ලැබූ අතර අධිදායකත්වයක් පැවතියහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට මෙහිදී සමාගම විසින් තීරණය කර තිබිණි.

    රු. 100 බැගින් වූ මුහුණත් අගයයකින් නිකුතු කරන ලද මෙම ණයකර මිලියන 20 සඳහා ම මේ වෙන විට අධිදායකත්වයක් ලැබී තිබේ. සමාගම විසින් මෙම ණයකර නිකුතුව හරහා රැස්කර ගෙන ඇති මුදල රුපියල් බිලියන 2 කි.