හෙට විවෘත වන ශ්‍රී ලංකාවේ අලුත්ම සුපිරි සාප්පු සංකීර්ණය මෙන්න

    October, 18, 2023

    ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය හෙට (19) දිනයේ දී විවෘත වීමට නියමිතය.

    හෙට පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වේ.

    මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි සිනමා සංකීර්ණයකින් ද යුක්ත වනු ඇත.