බැඳුම්කර නිකුතුව අවලංගුයි

    March, 10, 2016

    අද (10) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ලැබුණු සියලුම ලංසු ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

    2019, 2021 සහ 2024 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ රුපියල් මිලියන 2,000 බැගින් රු. මිලියන 6,000 ක බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි.

    මේ සඳහා රුපියල් මිලියන 23,089 ක ලංසු ඉදිරිපත්ව තිබෙන අතර මෙම සියලුම ලංසු ප්‍රතික්ෂේප කර තිබේ.

    වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉහළ පොළී අනුපාතිකවලින් ලංසු ඉදිරිපත් වීම මෙසේ ඒවා ප්‍රතික්ෂේප වීමට හේතුවන්නට ඇති බවයි.