October, 19, 2023
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවන අදියර සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.565 ක සහයෝගීතා රාමු ගිවිසුමකට අත්සන් තැබීමට එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, China Harbour Engineering Company, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ Hunan Construction Investment Group පසුගිය දා කටයුතු කරන ලදී.
මෙම ගිවිසුම අත්සන් තැබීම සඳහා වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි, China Harbour Engineering Company සභාපති Tang Qiaoliang, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් අධ්යක්ෂ කමන්ත අමරසේකර සහ Hunan Construction Investment Group සභාපති Cai Dianwei යන මහත්වරු එක්ව සිටියහ.
Video Story