ස්වදේශී කර්මාන්තායතනය, දසුන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් සමාගමට එරෙහිව වාරණ නියෝග ලබා ගනී

    October, 23, 2023

    දශක අටකට අධික කාලයක් පුරා ස්වදේශී කොහොඹ සබන් නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින් දසුන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝග කිහිපයක් ලබා ගෙන ඇත. ඒ දසුන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගම තම නිෂ්පාදන ඔස්සේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිවයි. 2023 ඔක්තෝබර් 06 වැනි දින කොළඹ වාණිජ මහාධිකරණයේ දී දසුන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමෙන් සිදු වූ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විසින් වාරණ නියෝග ලබා දෙන ලදි.   

    ස්වදේශී කර්මාන්තායතනයස්වදේශී කොහොඹ වෙළඳ ලකුණේ සාඩම්බර හිමිකරුවා වේ. ශාකසාර සබන්  හා ශාකසාර පුද්ගලික සත්කාර අංශයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන්නේ ද ස්වදේශී කොහොඹයි.

    දසුන් කන්සියුමර් ප්‍රඩක්ට්ස් පුද්ගලික සමාගමෙන් සිදු වූ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝණය කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා විසින් මෙසේ වාරණ නියෝග පනවන ලදී.

    වසර 80ක් පුරා ශ්‍රී ලාංකේය ජනයාගේ හද දිනූ සන්නාමය වන ස්වදේශී කොහොඹ  ලියාපදිංචි වෙළඳ ලකුණක් මෙන් ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි නිෂ්පාදනයකි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර නිෂ්පාදන වන අතරස්වදේශී කොහොඹ   එක්සත් රාජධානියේ නිර්මාංශ සංගමයේ පිළිගැනීමට ද පාත්‍ර වී ඇත. 1941 වසරේ ස්ථාපිත ස්වදේශී කර්මාන්තායතනය ISO 9001: 2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලද ආයතනයකි. වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය හා ආදරය දිනූස්වදේශී කොහොඹරාණි සඳුන් සහ ස්වදේශී කොහොඹ බේබි ශාකසාර සත්කාර නිෂ්පාදන සඳහා ස්වදේශී කර්මාන්තායතනය ප්‍රසිද්ධ වේ. ස්වදේශී 80 වසරක විශ්වසනීය විශිෂ්ටත්වය සමඟින් ගෝලීය වෙළඳ පොළට පිවිසෙමින් සිටියි.  2023 වසරේ LMD විසින් ඉදිරිපත් කළ Brand Finance විසින් සම්පාදනය කරන ලද පුද්ගලික සනීපාරක්ෂක (සබන්) හි වඩාත් ප්‍රිය කරන සන්නාම අතර ස්වදේශී කොහොඹ වේ.

    ස්වදේශී කර්මාන්තායතනය තත්වයෙන් උසස්සමට මෘදු සහ සිනිඳු ශාකසාර අමුද්‍රව්‍ය භාවිතා කරමින්තත්වයෙන් උසස් පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදන පෙළක් ඔබට ලබා දෙයි. 

    ස්වදේශී කර්මාන්තායතනය මඟින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹරාණි සඳුන්ස්වදේශී කොහොඹ බේබිපර්ල්වයිට්සේෆ්ප්ලස්ලක් බා(ර්)බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්ස්වදේශී කොහොඹ බොඩි වොෂ් සහ රාණි ෂවර් ජෙල් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.  ස්වදේශී විසින් නිෂ්පාදනය කරනු ලබන සියලු නිෂ්පාදන නිර්මාංශ වන අතර සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි.

    ස්වදේශී කර්මාන්තායතනය වෙනුවෙන් නීතීඥයින් වන ජනාධිපති උපදේශක ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා සමඟින් වසන්තකුමාර් නයිල්ස් මහතා පෙනී සිටි අතර සනත් විජේවර්ධන මහතා විසින් නීතීඥ සහය ලබා දෙන ලදී.