October, 24, 2023
ඉ-මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අන්තර්කාලීන විධි විධාන සැලසීම සඳහා සහ ආනුෂාංගික කටයුතු සඳහා මෝටර් වාහන පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එම කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story