ලංකා IOC බලපත්‍රය තවත් වසර 20කට දීර්ඝ කෙරේ

    October, 26, 2023

    මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත තරඟකාරී සමාගමක් වන ලංකා IOC  සමාගමේ බලපත්‍රය තවත් වසර 20 කින් දීර්ඝ කර තිබේ.

    ඒ අනුව 2024 ජනවාරි 22 දින සිට බලපැවැත්වෙන පරිදි තවත් වසර 20 ක කාලයක් සඳහා ලංකා IOC සමාගමට මෙරට ඉන්ධන කර්මාන්තයේ නිරත වීමට අවකාශ සැලසෙනු ඇත.

    ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ දිපාක් දාස් මහතා මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.