November, 13, 2023
පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා ඇති බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේ දී අද (13) කියා සිටියේය.
"පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතන වල වැටුප් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් දරන්නේ රජය විසින්. දැනට පවතින මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගෙන, ස්වයං මූල්‍යකරණ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව සැපයීමට පළාත් පාලන ආයතන දිරිමත් කරනවා. එහි පළමු පියවර ලෙස 2024 වසරේ ජනවාරී පළමු වන දින සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා සියයට 80ක මූල්‍යයනයක් පමණක් ලබා දීමට අප පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරී පළමු වැනිදා සිට මේ මුදල් තවත් අඩු කරනවා. ඉදිරි වසර 5 තුළ පළාත් පාලන ආයතනයන්හි ස්වයං මූල්‍යකරණය ක්‍රමානුකූලව දිරිමත් කිරීමටත් මා යෝජනා කරනවා."
Video Story