හඳුනාගත් කටයුතු කිහිපයක් සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලබන 2024 අයවැය කතාවේ සඳහන් වේ. ඊට අදාළව නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලි විවෘත කිරීමේ වෙලාවන් හඳුන්වාදීමට පියවර ගනු ලබන බව දක්වා ඇත.
බදු පරිපාලනය වැඩිදියුුණු කිරීමේ ක්‍රමවේද සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යටතේ මේ පිළිබඳව සඳහන් වේ.
ඒ අනුව පහත සඳහන් කටයුතු සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
- විවිධ වර්ගයේ බලපත්‍ර සඳහා අදාළ වන මාර්ගෝපදේශ/රීතීන් විධිමත් කෙරේ.
- නිෂ්පාදන, තොග සහ සිල්ලර බලපත්‍ර සඳහා වෙන වෙනම පත්‍ර කොන්දේසි සහ අවශ්‍යතා හඳුන්වාදීම
- සුරාහල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාහල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කෙරේ
- නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලි විවෘත කිරීමේ වෙලාවන් හඳුන්වාදීම
- සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ නියමයන් සංශෝධනය කිරීම
- මෘදු මත්පැන් බලපත්‍ර සඳහා නිසි ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
- කර්මාන්තය තුළ විනයානුකූල බාවය හැකි ඉහළම මට්ටමින් පවත්වාගෙන යාම
- සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නිර්මාණ සහ අධීක්ෂණ අංශයක් සහ අවදානම් කළමණාකරණ අංශයක් පිහිටුවීම
- මූලික පරිපාලන කාර්යයන්ට අදාළව ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වාදීම"