ලෝක පාරිභෝගික හිමිකම් දිනය අදයි

    March, 15, 2016

    ලෝක පාරිභෝගික හිමිකම් දිනය අදට (15) යෙදී ඇත. මෙම දිනය සමරනු පිණිස මෙරට සිල්ලර වෙළෙඳුන්ගේ සංගමය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව වැඩසටහන් කිහිපපයක්ම දියත් කර තිබේ.

    ‘පාරිභෝගිකයන් සඳහා අගය නිර්මාණය කිරීමට සිල්ලර වෙළෙඳුන්ගේ සම්බන්ධතාව‘ තේමා කර ගනිමින් අබාන්ස්, කීල්ස් සුපර්, කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස්, හෙල්ත්ගාඩ්, ස්වර්ණමහල් ජුවලර්ස්, නෝ ලිමිට්, කූල් ප්ලැනට්, DSI හා හමීඩියා ආයතන මේ සඳහා එක්ව සිටී.

    ලෝක පාරිභෝගික හිමිකම් දිනයට සමගාමීව මාර්තු 14-20 දක්වා සතිය ‘ජාතික පාරිභෝගික ප්‍රතිලාභ සතිය‘ ලෙසින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නම් කර තිබේ.

    ළෙඳාමේ යෙදෙන මහා පරිමාණ ආයතන රැසක් එකට එක්ව සිටී.