මුදල් අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී අතර හමුවක් නවදිල්ලියේ දී

    March, 15, 2016

    ඉන්දීය රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කළ Advancing Asia: Investing for the Futureසම්මන්ත්‍රණයට සහභාගී වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර දී පැවැත් විණි. මෙම අවස්ථාවට ලෝ ප්‍රකට බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපතිනී මෙලින්ඩා ගේට්ස් මැතිනිය ද එක්ව සිටියා ය.

    Advancing Asia: Investing for the Future සම්මන්ත්‍රණය පසුගිය 11 දා සිට 13 දක්වා නවදිල්ලි හි ටාජ් පැලස් හෝටලයේ දී පැවැත්විණි.

    සේයාරුවෙන් දැක්වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාර්ඩ් මැතිනිය (දකුණේ) සහ මෙලින්ඩා ගේස්ට් මැතිනිය (මැද) මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වූ අවස්ථාවයි.