අලුත්ම කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹෙයි. දිනකට කෑන් 80,000 ක්

    November, 16, 2023

    සිය නවතම ‘ටින් කෑන්‘ නිෂ්පාදන කර්මාන්ත ශාලාව වන “Agro Tin Tech“ පසුගිය නොවැම්බර් 13 දින දියත් කළ බව TESS AGRO PLC පවසයි.

    කැලණිය නව නුගේ පාරේ දී විවෘත වූ මෙම කර්මාන්ත ශාලාව දිනකට කෑන් 80,000 ක නිෂ්පාදන ධාරිතාවයකින් යුක්ත වේ.

    මෙම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රසූත්‍ර සහ උපකරණ සඳහා මූලික වශයෙන් රු. මිලියන 79.2 ක් ආයෝජනය කර ඇති බව TESS AGRO PLC හි සභාපති ඩිල්ශාන් ප්‍රනාන්දු සඳහන් කරයි.

    මාළු, සිසිල් බීම, සුප්, කුළුබඩු, රූපලාවන්‍ය හා වෙනත් නිෂ්පාදිත සඳහා මෙම “Tin can” වඩාත් උචිත සහ ජනප්‍රිය ඇසුරුම් මාදිලයක් බව සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.