කාගිල්ස් බැංකුව කොටස් වෙළෙඳපොළට

    November, 27, 2023

    ශ්‍රී ලංකාවේ මෙතෙක් ලැයිස්තුගත කර නොමැති එකම දේශීය වානිජ බැංකුව වන කාගිල්ස් බැංකුව, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට තීරණය කර තිබේ. මේ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මූලික අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

    මෙහිදී කොටස් මිලියන 62.5 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී කොටසක මිල රු. 8 ක් ලෙසින් සඳහන් කර තිබේ.

    ඒ අනුව රු. මිලියන 500 ක මුදලක් මෙම කොටස් නිකුතුව හරහා බැංකුව විසින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර ඇත.

    මෙම මූලික මහජන කොටස් නිකුතුව 2023 දෙසැම්බර් 14 දින විවෘත වීමට නියමිතය.