November, 28, 2023
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා ලබා දෙන ලෙස සීමාසහිත ලංකා දුම්කොළ සමාගම විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
එකී සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක් කර ඇති අතර ඒ අනුව, මඩුවන්වෙල නින්දගම වත්ත නැමති ඉඩමෙන් අක්කර 87 රූඩ් 3 පර්චස් 25ක් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දීර්ඝකාලීන බදු පදනම මත වසර 30ක කාලයක් සඳහා ලබා දීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story