මිලියන 4,000 ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

    March, 16, 2016

    2016 මාර්තු 17 වන දින රුපියල් මිලියන 4,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    2017, 2020 සහ 2024 යන වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 1,000 ක්, 1000 ක් හා 2,000 ක් වශයෙන් රුපියල් මිලියන 4,000 ක් වටිනා බැඳුම්කර මෙහිදී නිකුත් කෙරෙනු ඇත.

    මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකිය.