Dwellings සමූහයෙන් මිලියන 500 ක ආයෝජනයක්

    March, 16, 2016

    ඕස්ට්‍රේලියාවේ Dwellings සමූහයේ අනුබද්ධ සමාගමක් වන myproperty විසින් මෙරට දේපළ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව පැවසීය. පසුගිය දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී Dwellings සමූහයේ හා myproperty හි අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතා විසින් මේ බව අනාවරණය කරනු ලැබීය.

    මෙහිදී බත්තරමුල්ල කොස්වත්තේ කාමර 88 කින් හා ඇතුල්කෝට්ටේ ඒකක 30 කින් යුතු මහල් නිවාස ව්‍යාපෘති දෙකක් ආරම්භ කරනු ලබන බවත් මේ වන විට ඒ සඳහා අවශ්‍ය වන අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවල අවසානභාගයේ පසුවන බවත් නවීන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.