November, 29, 2023
ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව (Official Creditor Committee - OCC) ශ්‍රී ලංකා රජය වෙත ප්‍රතිචාර දක්වා තිබේ.
එහිදී ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමට අදාළ ණය ප්‍රතිකර්ම සඳහා අනුකූල වන ප්‍රධාන පරාමිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයට එළඹි බවයි.
මෙම නිල ණය හිමි කමිටුවට පැරිස් සමාජය සමඟ ඉන්දියාව සහ හංගේරියාව ඇතුළත් වේ.
නිල ණය හිමි කමිටුවේ සම සභාපතිත්වය ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය විසින් හොබවනු ලබයි.