November, 30, 2023
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ඔක්තෝබර් මාසයේ වාර්තා වූ සියයට 1.5හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට 3.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 ඔක්තොබර් මාසයේ පැවති සියයට -5.2හි සිට 2023 නොවැම්බර් මාසයේ දී සියයට -3.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2023 ඔක්තෝබර් මාසයේ දී 4.9% ක් ලෙසින් වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ දී 6.8% ක් දක්වා වැඩි වී ඇත.

Video Story