December, 1, 2023
2023 නොවැම්බර් මස මුල් දින 27 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 137,703 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙයි.
ඒ අනුව 2023 වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,263,158 ක් ලෙසයි දැක් වෙන්නේ.
නොවැම්බර් මාසය තුළ දී වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 27,281 ලෙසයි. මීට අමතරව රුසියාවෙන් 22,382 ක් ජර්මනියෙන් 11,680 ක් එක්සත් රාජධානියෙන් 10,566 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.


Video Story