අපනයන ආදායම තවත් බසී

    December, 4, 2023

    ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව 2022 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 898.0 දක්වා 14.6% කින් අඩුවී ඇත. එසේම, එය 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 13.13% ක අඩුවීමකි.

    විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයන පහත වැටීමට හේතු වී ඇත.