March, 17, 2016
ලින්ඬේ සමූහයේ සාමාජිකයකු වන සිලෝන් ඔක්සිජන් සමාගම (COL) වසර 80 කට අධික කාලයක් පුරා මෙරට කාර්මික හා වෛද්‍ය අවශ්‍යතාවන් වෙනුවෙන් වූ ගෑස් සපයන ප‍්‍රමුඛතම සමාගම වේ.
පසුගියදා පැවති ජාතික සුවසේවා ප‍්‍රදර්ශනයේදී සිලෝන් ඔක්සිජන් සමාගමේ සුවිශේෂී නිෂ්පාදන පෙළක් දැකගත හැකිවිය. ඔක්සිජන්, නයිට‍්‍රස් ඔක්සයිඞ් හා වෛද්‍ය ආශ්වාස වායුව ආදී සුවිශේෂී නිෂ්පාදන ගණනාවක් ඒ අතරට ඇතුළත් විය. ලින්ඬේ සමූහයේ සුවිශේෂී නිමවුමක් වන ලින්ඬේ වෑල්වය (LIV®) සමග වෙළඳපලට පැමිණෙන නව්‍යකරණයෙන් හා ගුණාත්මක බවින් ඉහළ, සැහැල්ලූ සිලින්ඩරයක අසුරා වෙළඳපලට පැමිණෙන CONOXIA® මෙහිදී සුවිශේෂී අවධානයට ලක්වුණු නිෂ්පාදනයක් විය.
වේදනාකාරී අවස්ථාවකදී සහනය අත්කරදෙන නයිට‍්‍රස් ඔක්සයිඞ් හා ඔක්සිජන් වලින් නිර්මාණය වුණු ENTONOX® ද එහිදී දැකගත හැකිවුණු සුවිශේෂී නිෂ්පාදනයක් විය. මෙහි දැක්වෙන්නේ ජාතික සුවසේවා ප‍්‍රදර්ශනයේදී සිලෝන් ඔක්සිජන් සමාගමේ ප‍්‍රදර්ශන කුටියේ දී දැකගත හැකිවුණු සුවිශේෂී දසුන් කිහිපයකි.
Video Story