කොමර්ෂල් බැංකුව සම්ප්‍රදායික ‘පාස් පොත‘ ජංගම දුරකතනයට ගෙන එයි

    March, 17, 2016

    නවීන තාක්ෂණය භාවිතා කරමින් ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩිකිරීමට කැපවී සිටින කොමර්ෂල් බැංකුව විසින් Android හෝ iOS මගින් සවිබල ගැන්වෙන ජංගම උපකරණ තුළින් ඉතිරිකිරීම් හෝ ජංගම ගිණුම් අනේවාසික විදේශ ගිණුම්රැනේවාසික විදේශ ගිණුම් වල තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව තිඛෙන ඊ-පාස් පොතක් මෙරට බැංකු ඉතිහාසයේ පළමු වරට ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇත.

    ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් මෙම නව්‍ය වූ ඩිජිටල් ජංගම දුරකතන ඇප් සේවාව ගනුදෙනුකරුවන් සඳහා නොමිලේ ලබාදෙන අතර ජංගම දුරකතනයකින් හෝ ටැබ්ලට් පරිගණකයකින් දිනයේ ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට පසුගිය දින 30 කට අදාළ වන ගනුදෙනු තොරතුරු එම අවස්ථාවේදීම ඇති සැටියෙන් පරීක්ෂා කිරීමේ හැකියාව මින් ලැබේ.

    මෙම ඇප් සේවාව භාවිතා කරන්නා අන්තර් ජාලයට පිවිසි සෑම අවස්ථාවකදීම මෙය ස්වයංක්‍රීයව යාවත්කාලීන වන අතරම මෙම ඊ-පාස් පොත භාවිතා කරන්නා අවසන් වරට සිදුකළ පරීක්ෂාව ඔහුගේ ජංගම උපකරණයේ ගබඩා වන නිසා ජංගම දුරකතනයට හෝ ටැබ්ලට් පරිගණකයට අන්තර්ජාලය නොමැති අවස්ථාවක වුවද එම තොරතුරු ගනුදෙනුකරුවාට නැවත පරීක්ෂා කළ හැකිබව බැංකුව සඳහන් කරයි. බැංකුව විසින් මෙම විශේෂාංගය අනිකුත් ජංගම මෙහෙයුම් පද්ධති වලටත් හඳුන්වා දීමට මේ වනවිට කටයුතු කරගෙන යයි.

    “අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබාදෙන තාක්ෂණික සේවාවේ ඉතාමත් ආකර්ශනීය නව සංවර්ධනයක් ලෙසින් මෙය පෙන්වාදිය හැකියි“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. “ගනුදෙනුකරුවන්ගේ සුව පහසුව වැඩිකිරීමට අවශ්‍ය සෑම සීමාවක්ම ජයගැනීමට අපගේ තොරතුරු තාක්ෂණ කණ්ඩායම නිරන්තරයෙන් කටයුතු කරනවා. තාක්ෂණය පදනම් කරගත් බැංකුකරණය වෙනුවෙන් බැංකුවේ තිඛෙන හැකියාව සහ කැපවීම පෙන්වීමට මෙය ඉතාමත් හොඳ උදාහරණයක්.“ ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊ-පාස් පොත ඩවුන්ලෝඩ් (බාගත) කරගෙන ප්‍රවේශ කේතය යෙදූ පසු ගිණුමක් පරීක්ෂා කිරීම ජංගම දුරකතනය පරීක්ෂා කිරීම තරම්ම පහසු බවයි.

    ඊ-පාස් පොත තුළින් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුම් පාස් පොතක අනේවාසික විදේශ මුදල්රැනේවාසික විදේශ මුදල් හෝ ජංගම ගිණුම් ප්‍රකාශනයක ආකාරයෙන්ම ගිණුමේ ඉතිහාසය ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ. මෙමගින් ගනුදෙනුකරුවන්ට දින 30 කාලයක් තුළ ගනුදෙනු සිදුවී තිඛෙන ආකාරය එම අවස්ථාවේ තිඛෙන තොරතුරුද සමග ඉදිරිපත් කරන අතර ගිණුම් කිහිපයක් එකට තබාගැනීමේ ගබඩාවක් ලෙසද මෙම ඊ-පාස් පොත භාවිතා කළ හැකිය. මෙහිදී, අදාළ ගිණුම්වල තොරතුරු ගනුදෙනුකරුවාට වෙන වෙනම බලාගැනීමේ අවස්ථාව හිමිවේ.

    මෙහිදී, ගනුදෙනුකරුවන්ට හඳුනා ගැනීමේ පහසුව සඳහා එකිනෙකට වෙනස් වූ ගිණුම් ප්‍රියතම නම් වලින් හෝ කේත වලින් නාමකරණය කිරීමේ අවස්ථාව ඇත. ඊ-පාස් පොත් ඇප් සේවාව රහස් වචනයක් භාවිතා කරමින් හෝ නොකරමින් පාවිච්චි කිරීමේ අවස්ථාව මෙහිදී බැංකුව විසින් ගනුදෙනුකරුවාට ලබාදී තිබේ.

    බැංකුව සඳහන් කරන්නේ මේ වනවිට කොමර්ෂල් බැංකු පුද්ගලික ඉතිරි කිරීමේ තැන්පතු ගිණුමක් අනේවාසික විදේශ මුදල් ගිණුමක්රැනේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ ජංගම ගිණුමක් තිඛෙන ඕනෑම ගනුදෙනුකරුවෙකුට බැංකුවේ ශාඛාවකට හෝ ඊ බැංකු සේවා අංශයට (011 2353576) වලංගු ජංගම දුරකතන අංකයක් ලබාදී ලියාපදිංචි වීම මගින් ඊ-පාස් පොත් සේවාව සක්‍රීය කරගත හැකි බවයි. මීට අමතරව, පුද්ගලික ඉතිරිකිරීමේල ජංගම අනේවාසික විදේශ මුදල් හෝ නේවාසික මුදල් ගිණුමක් විවෘත කරන අළුත් ගනුදෙනු කරුවන්ටද මෙම සේවාව බැංකුවෙන් ඉල්ලූම් කළ හැකිය.

    බැංකුව සඳහන් කරන්නේ ඒකාබද්ධ ගිණුම් හිමියන්ටද සියළු පාර්ශවයන්ගේ ලිඛිත කැමැත්ත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ඊ-පාස් පොත් සේවාව ලබාගැනීමේ හැකියාව තිඛෙන බවයි.

    මෙම ඊ-පාස් පොත් පහසුකමට අමතරව කොමර්ෂල් බැංකුව විසින් ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් බලගැන්වුණු ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන ගණුදෙනුකරුවන්ට මෙබයිල් ඇප් එකක්ද හදුන්වා දී ඇත.

    Online හා Offline ලෙස භාවිතා කළ හැකි මෙම ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකි අතර දවසේ පැය 24 පුරාම සුරක්ෂිත ලෙස සිය බැංකු කටයුතු මෙමඟින් සිදු කළ හැක.

    මෙහි ඇති සුවිශේෂී ලක්ෂණ අතර ගිණුම් තොරතුරු ලබා ගැනීමල ක්‍රෙඩිට් කාඩ් තොරතුරු ලබා ගැනීම, බිල්පත් ගෙවීම, අන්තර්ජාලය හරහා සිදුකරන ගෙවීම් පිළිබඳ විමසීම, ණය හා ආයෝජන පිළිබඳව බැංකුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම සහ ආරක්ෂිත සංකේත වෙනස් කිරීම ඇතුලත් වෙයි.

    මෙම ඇප් එක් මඟින් අන්තර්ජාලයට සබඳතා නොමැති විටදී වූවද කොමර්ෂල් බැංකු ශාඛා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු, විදේශ විනිමය අනුපාත හා පොලී අනුපාත, බැංකුවේ දෛනික නිවේදන හා බැංකුවේ සේවාවන් ලබා ගැනීම සඳහා උදව්වන තොරතුරු සැපයීමේ සේවාවන්ද ඇතුලත් වේ.