December, 12, 2023
2023 දෙසැම්බර් මුල් දින 10 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 57,394 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව 2023 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,334,345 ක් ලෙසින් වාර්තා වී තිබේ.
පසුගිය දෙසැම්බර් 10 වන දින 8,696 ක සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය මෙම වසරේ දී තනි දිනක් තුළ මෙරටට පැමිණ ඇති වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වේ. එදින සුඛෝපභෝගී මගී නෞකා 3ක්ද කොළඹ වරායට පැමිණ තිබුණු අතර ඒ හරහා 4,000කට අධික සංචාරකයින් පිරිසක් පැමිණ තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි 2023 නොවැම්බර් මාසයේ සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 205.3 ක් ලෙසින් සටහන්ව ඇත. ඒ අනුව 2023 වසරේ මාස 11 ක කාලපරිච්ඡේදය තුළ සමස්ත සංචාරක ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,798.7 ක් ලෙසින් වාර්තා වී තිබේ.





Video Story