භාණ්ඩාගාර බිල්පත් පොළී තවත් ඉහළ නගී

    March, 21, 2016

    අද (21) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මෙහිදී දින 91 ක පරිණත කාලයකින් යුත් බිල්පත් පොළිය 7.68% සිට 8.30% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 8.49% සිට 9.29% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9% සිට 9.90% දක්වා ද ඉහළ ගොස් ඇත.

    අද වෙන්දේසියේ දී රුපියල් මිලියන 28,702 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබිණි.

    2013 නොවැම්බර් 01 වැනි දින පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු වැඩිම පොළී අනුපාතික නියම වී ඇත්තේ අද පැවති වෙන්දේසියේදීය.

    රජයේ කෙටිකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වසරක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක් තුළ දී කල්පිරෙන පරිද්දෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවිකරනු ලබයි.

    පහත දැක්වෙන්නේ අද පැවති වෙන්දේසියේ දී පොළී අනුපාතික නියම වී තිබුණු ආකාරයයි.