කැනඩාවෙන් ආර්පිකෝවට ආයෝජනයක්

    March, 23, 2016

    ලෝක බැංකු සමූහයේ සාමාජික ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් (IFC)හා කැනඩා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් රිචඩ් පීරිස් ඩිස්ට්‍රිබියුටර්ස් ලිමිටඩ් හි ආයෝජනයට යන ප්‍රකාශ කර සිටී. මෙම ආයෝජනය හරහා මෙරට ප්‍රමුඛ පෙලේ සිල්ලර වෙළෙඳසැල් ජාලයක් වන ආර්පිකෝ හි ශාඛා ජාලය වර්ධනය කිරීමත්, ඒ හරහා නව රැකියා උත්පාදනයට හා දේශීය සැපයුම් දාම සංවර්ධනයටත් ඉවහල් වන බව ආයෝජකයින්ගේ අදහසයි.

    මෙහිදී ඩොලර් මිලියන 7.5 ක් IFC විසින් ආයෝජනය කරනු ලබන තවත් ඩොලර් මිලියන 7.5 ක් IFC-කැනඩා හි දේශගුණික විපර්යාස වැඩසටහන විසින් ආයෝජනය කිරීමට නියමිතය. මෙය විසින් සුපිරිසිදු බලශක්ති ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය දිරිගන්වන වැඩසටහනකි.

    සමාගමේ අලෙවිසැල් හි වහල මත සූර්ය කෝෂ සවිකිරීමට ද මෙම ආයෝජනය යොදා ගනු ඇත.