ලංකාවේ GSP+ පහසුකමට ඉන්දියාවේ හීරෝ මාන බලයි

    March, 23, 2016

    ශ්‍රී ලංකාවේ බයිසිකල් අපනයනකරුවකු වන BSH වෙන්චර්ස් ලිමිටඩ් හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගැනීමට ඉන්දියාවේ හීරෝ සයිකල්ස් සමාගම කටයුතු කර තිබේ. ඉන්දියාවේ විශාලතම සයිකල් නිෂ්පාදකයා වන හීරෝ විසින් මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව විසින් නුදුරේ දීම GSP+ පහසුකම ලබාගැනීම ඉලක්ක කර ගනිමිනි.

    මේ අනුව යුරෝපා සංගමයේ රටවලට බදු රහිතව සිය නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථාව හීරෝ සයිකල් වෙත හිමිවනු ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හීරෝ සයිකල් ලිමිටඩ් හි සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ පංකජ් මන්ජාල් මෙසේ අදහස් දැක්වීය. “BSH වෙන්චර්ස් හි 60% ක කොටස් හිමිකාරීත්වය අප විසින් අත්පත් කර ගනු ලැබුවා. මේ හරහා යුරෝපා සංගමයේ වෙ‍ළෙඳපොළ වෙත දකුණු ආසියාවේ සිට අපගේ නිෂ්පාදන අපනයනය කිරීමට අවස්ථාව හිමිවෙනවා.“