March, 24, 2016
ඊයේ (23) පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඇමරිකානු ඩොලර් මිලියන 375.71 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කරන ලදී.
මෙහිදී නිකුතුව සඳහා ඉදිරිපත් කරන ලද බැඳුම්කරවල වටිනාකම වූයේ ඩොලර් මිලියන 150 කි.
මාස 03, මාස 06, අවුරුදු 1 හා අවුරුදු 2 යනා දී වශයෙන් සිව්වැදෑරුම් පරිණත කාලයන්ගෙන් යුතු මෙම බැඳුම්කර නිකුතුව, ඇමරිකානු ඩොලර්වලින් ආයෝජනය කළ හැකි නේවාසික හා අනේවාසික ආයෝජකයින් වෙනුවෙන් විවෘත වූවකි.
Video Story