ලංකා වාණිජ මණ්ඩලය හා ස්විස් ආසියානු වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

    March, 25, 2016

    ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර ද්විමාර්ගික වෙළෙඳාම හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය හා ස්විස්ටර්ලන්තයේ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා කොළඹ දී අත්සන් කරන ලදී.

    මෙම අව‍බෝධතා ගිවිසුම අත්සන් කිරීම ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග හා ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කමිටු සභාපති මාර්ක් ඩන්ගල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    අභිනවයෙන් අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුමට අනුව දෙරට අතර වෙළෙඳ දූත හුවමාරු, විශේෂඥ හා ආර්ථික සාකච්ඡා, ව්‍යාපාරික අවස්ථා සඳහා ව්‍යාපාරික ජාල පුළුල් කිරීම බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර 2015 වසරේ දී ඇමරිකානු ඩොලර් මිලියන 229 ක වෙළෙඳ ගනුදෙනු සිදු වී තිබෙන අතර එහිදී ඩොලර් මිලියන 101 ක අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබෙන අතර ඩොලර් මිලියන 127 ක ආනයන ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.