March, 28, 2016
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ශ්රී ලංකා රුපියල අද දිනයේ දී දරුණු කඩා වැටීමකට ලක්ව තිබේ.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ තීරණය වී ඇති ඉහළම ගැනුම් හි විකුණුම් මිල ගණන් අද දිනයේ දී වාර්තා විය.
එහිදී ඩොලරයක් ගැනුම් මිල රුපියල් 144.93 ක් ලෙසත් විකුණුම් මිල රු. 148.91 ක් ලෙසත් සටහන් වී තිබිණි. පසුගිය බ්රහස්පතින්දා (24) වන විට ඩොලරයක ගැනුම් මිල රු. 143.91 ක් ලෙසින් වාර්තා වූ අතර විකුණුම් මිල රු. 147.87 ක් විය.
පහත දැක්වෙන්නේ ශ්රී ලංකා මහ බැංකුව විසින් අද දිනය වෙනුවෙන් නිකුත් කරන ලද විනිමය අනුපාත ලේඛනයයි.
Video Story