March, 28, 2016
මනරම් උත්සව ශාලා දෙකකින් සමන්විත Raffles Residence මන්දිරය, පසුගිය 27 වනදා නුගේගොඩදී ජනතාව වෙනුවෙන් විවෘත කෙරිණි. ආසන 300 සහ 100 යන ධාරිතාවයෙන් මෙම උත්සව ශාලා දෙක සමන්විතවන අතර, ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සේවයක් ලබා දීම වෙනුවෙන් Raffles Residence කැප වෙයි.
"Raffles Residence මෙරට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. අප සතු අසමසම පහසුකම් සහ විශේෂඥ දැනුම තුළින් උත්සව සැලසුම් කිරීමේ පටන් එය අවසන්වන තුරු විශිෂ්ට සේවාවක් ලබා දීමට අපට හැකියි. මෙය සැබවින්ම අපගේ ගමන්මග තුළ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි." Raffles Consolidated සමාගම් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ටෝනි බොහොරාන් මහතා සඳහන් කළේය.
Lassana Flora, Out Burst Entertainment සහ Five Star වැනි උත්සව ක්ෂේත්‍රයේ දැවැන්තයන් රැසක් සමග අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට සේවය ද සුවිශේෂී වට්ටම් සහිතව සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් ලබා දීමට Raffles Residence කටයුතු කරයි. මීට අමතරව, මුල්‍යමය ගැටළු පිළිබඳ ලත වීමෙන් තොරව උත්සව අවස්ථාව මනාව කළමනාකරණය කර ගැනීමේ පහසුව Raffles Residence සලසා දී ඇත.
1999 වසරේදී ඇරඹුණු Raffles Catering සමාගම, ආයතනික, පුද්ගලික සහ උළෙල ආහාර සැපයුම් සඳහා කොළඹ පුරවරය තුළ කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. ආයතන සහ ඉහල පෙළේ සේවාදායකයන් රැසක් සඳහා එය සිය සේවාවන් ලබා දී ඇත. නිර්මාණශීලි බව, නැවුම් බව සමගින් එක්-එක් සේවාදායකයාගේ අවශ්‍යතාවට අනුව සකස් කරන ලද වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දීමට මෙම තරු පහේ ආහාර සැපයුම් සමාගමට හැකියාව පවතී.
තමන්ගේම නිවහනක මෙන් සිය සමීපතමයන් සමග සිය සිතැඟි පරිදි ප්‍රිය සම්භාෂණයක් සැලසුම් කළ හැකි පරිශ්‍රයක් ලෙස Raffles Residence කැපී පෙනෙයි.
0112818776 සහ tan@rafflescolombo.com මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.
Video Story