කොළඹ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් අරඹයි

    March, 30, 2016

    කොළඹ වරායේ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් දියත් කර තිබේ. මේ යටතේ Continental නෞකා ජාලයට අයත් පතින් ස්ටාර් (M.V.Pathein Star) නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ කියා සිටියේය. “නාවික ක්ෂේත්‍රයෙහි අද අපි ලෝකයේ අභියෝගාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සමහර අවස්ථාවන්හිදී අපිට දැඩි තීරණ ගන්න සිද්ධවෙනවා. නමුත් ඒ සෑම මොහොතකදීම අපි ඒ තීරණ ගන්නේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් රටට යහපතක් වෙන විදියට පමණයි. ඒ අනුව අපි තීරණය කළා මියන්මාරය දක්වා වූ කලාපයට 10 % ක වට්ටමක් ලබාදෙන්න. ඒ කියන්නේ මියන්මාරයේ සිට කොළඹ වරාය දක්වා බහළුම් මෙහෙයවන නෞකා සමාගම්වලට මේ වනවිට අපි 10 % ක වට්ටමක් ලබාදෙනවා. අලුතින් පෝෂක නැව් සේවා ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින්. අපි අනෙකුත් සමාගම්වලටත් ආරධනා කරනවා අපත් සමග එක්වෙන්න කියලා“