බිල්පත් පොළිය අදත් නගී

    March, 30, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යලිත් වරක් ඉහළ ගොස් තිබේ.

    මෙහිදී දින 91 බිල්පත් පොළිය 8.30% සිට 8.90% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.29% සිට 9.76% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 9.90% සිට 10.64% දක්වා ද ඉහළ ගොස් තිබේ.

    අද පැවති වෙන්දේසියේ දී ඉහත එක් එක් කල්පිරීමේ කාලයන්ට යටත්ව පිළිවෙලින් රුපියල් මිලියන 1,750 - 978 සහ 4,350 ලෙසින් ලංසු අනුමත කර ඇත.

    මේ අනුව අද දිනයේ දී නිකුත් කරන ලද මුළු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 7,078 කි.