ලංකාවේ කෙලවල්ලා මාළු ඔළුවට කොරියානුවෝ ලොල් වෙයි

    April, 1, 2016

    කොරියාවට කෙලවල්ලා මාළු ඔළු අපනයනය ඉතා ලාභදායී ව්‍යාපාරයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්ච් මහතා පැවසීය. කොරියානු නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (31) පැවති හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව වෙදආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයා ගැනීම සඳහා නව මාර්ග සොයා යන බවත්, ඉවතලන මාළු ඔලු අපනයනය කිරීම මගින් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මෙහිදී අදහස් දක්වමින් කොරියානු රාජ්‍ය නියෝජිතයෝ කියා සිටියේ කෙලවල්ලා මාළු ඔළු ශ්‍රී ලංකාවෙන් ලබාගැනීමට අවස්ථාව උදාවීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි.