වත්කම් හෙළිකරන්නැයි එන්රිකේ සංවිධායකයින්ට නියෝගයක්

    April, 1, 2016

    ආන්දෝලනයට තුඩුදුන් එන්රිකේ ඉග්ලේසියස් ගේ සංගීත ප්‍රසංගයේ සංවිධායකයින් හට සිය වත්කම් හෙළි කරන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් අද (01) නියෝග කර තිබේ.

    පසුගිය දෙසැම්බර් 20 වන දින පැවති “Enrique Iglesias –Sex and Love” සංගීත ප්‍රසංගයේ ටිකට්පත් අලෙවියෙන් ලැබුණු සම්පූර්ණ ආදායම හා සමාගම සතුව තිබෙන වත්කම් අනාවරණය කරන්නැයි මෙම නියෝගය ලැබී ඇත. මේ සඳහා දින 10 ක කාලසීමාවක් ලබා දී තිබේ.

    ලයිව් ඉවෙන්ට්ස් (පුද්) සමාගම විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරන ලදී.

    එම ප්‍රසංගයෙන් කොළඹ මහනගර සභාවට ලැබිය යුතු නිවැරදි බදු ආදායම නොලැබීම හේතුවෙන් කොළඹ මහනගර සභාව විසින් ලයිව් ඉවෙන්ට්ස් (පුද්) සමාගම අසාදු ලේඛනගත කිරීමට ද කටයුතු කරනු ලැබීය.